Home » » Strike Back : Retribution (2017) [S06 : E02] with Sinhala Subtitles | මිසයිල ව්‍යසනය.. [සිංහල උපසිරැසි සමඟ] (18+)
Saturday
November 11

Strike Back : Retribution (2017) [S06 : E02] with Sinhala Subtitles | මිසයිල ව්‍යසනය.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Antartic. By Peter Rejcek




පෙර කොටසින් දකින්න ඇති අති දරුණු ත්‍රස්තවාදියෙකු වූ ඕමාර් ඉඩ්‍රිසිව සිරියානු ආරක්ෂකයින් විසින් බාර දීමක් කරන්න තිබුනත් සිරියානු ආරක්ෂයින්ගේ ඇතුලේ ඕමාර්ට වැඩ කරන අය ඉදලා ඒ අයයි තවත් කට්ටිය ඇවිල්ලා ඒ අයගෙත් උදව් ඇතිව එතන හිටිය සිරියානු ආරක්ෂයින්ට වගේම ඕමාර්ව බාරගන්න ගියපු ඇමරිකානු සෙබළුන්ට පහර දෙන්න ගත්තා. අන්තිමට ඉතුරු වුණේ සාජන්ට් මැකැලැස්ටර් විතරමයි. ඉතින් මැකැලැස්ටර්ගේ කට්ටිය මිය යාම නිසාවෙන් එයාට ආපු තරහට මුලස්ථානයෙදී එයා එයාගේ ඉහල නිලධාරියාගේ මුහුණට පහර දීලා මැකැලැස්ටර්ට සිද්දවුණා යුධ අධිකරණයට මුහුණ දෙන්න. ඒ විතරක් නෙවෙයි මේ සිරකරුවාව හරි ආකාරයෙන් අරගන්න බැරිවුනා නිසා එයාව නිලයෙන් ඉවත් කිරීමක් පවා සිද්දවුණා. මේ අතරේ තමයි කර්නල් ඇඩීනා ඩොනවන් ඇවිත් මැකැලැස්ටර්ට යෝජනාවක් කලේ නැවත පිහිටවපු සෙක්ෂන් 20 වෙත එකතු වෙන්න කියලා. එයාට ලැබුණු පළවෙනි මෙහෙයුම වුණේ ඔත්තු හොයන අරමුණින් ආයුධ වෙළෙන්දෙක් හැටියට ගිහින්, ජෙනරාල් ෆරීඩ් අල්ලගෙන වද විදිමින් හිටිය සාජන්ට් සැමියුල් වායට්ව බේරගෙන එන එකයි. මැකැලැස්ටර් ගිහින් මුලස්ථානයේ බාගයක්ම විනාශ කරලා, ෆරීඩ්ගේ කට්ටියවත් මරලා වායට්ව බේරාගෙන ආවා මගදී මුණගැහුණු කණ්ඩායමේ අනික් සමාජ්කාව නෝවින්ගේ උදව් ඇතිව. කණ්ඩායම එකතු වුණේ ට්‍රිපෝලි වලදී. ඕමාර් වගේ ත්‍රස්තවාදීන්ට අරමුදල් සපයන කෙනෙක් හැටියට සලකපු ප්‍රින්ස් කලීඩ් කියලා කෙනෙක්ව හොයාගෙන යන එකයි මේ අයගේ මෙහෙයුම වුණේ. ඒ වෙනුවෙන් මේ අයට සමාජ ශාලාවක් තුලට යාන්න සිද්දවුණා. සමාජ ශාලාව තුලදී තමයි අනික් සාමාජිකාව වෙච්චි කැප්ටන් රෙනෝල්ඩ් එකතු වුණේ. මේ අය මෙහෙයුම දියත් කරලා වැඩ කරගෙන යන අතරෙදි ඕමාර්ගේ දකුණු අත වගේ ඉන්න කෙනෙක් වෙච්චි සිබීල් අඩීස් තවත් කට්ටියක් එක්කගෙන ආවා කලීඩ්ව පැහැරගෙන යන්න. කට්ටියට කලීඩ්ව බේරගන්න බැරි වුණා. මොකද කලීඩ්ව පැහැරගෙන ගියා. පස්සේ ඕමාර්ටයි එයාගේ බිරිදටයි ඕන කරපු ඩොලර් මිලියන පහක මුදලක් කලීඩ්ගෙන් බලෙන්ම වගේ අරගත්තා. කලීඩ්වයි, ඕමාර්වත් අල්ලගන්න අරමුණින් ආව සෙක්ෂන් 20 කට්ටියට කලීඩ්ව හැරුනම අනික් කිසිම කෙනෙක්ව අල්ලගන්න නම් බැරි වුණා. මොකද කලීඩ්ගෙන් මුදල් හුවමාරුව කරගත්ත ගමන්ම ඕමාර් වගේම ජේන් පැනලා ගියා. මේ අතරේ ලොකු ආයුධ වෙලදාමකුත් වෙන්නයි යන්නේ.
ආයුධ වෙළදාම ගැන පෙර කොටසේ පුංචි සිදුවීම් වගයක් පෙන්නුවනේ. ඔන්න අද කොටසදී තමයි මේ සම්පුර්ණ ආයුධ වෙළදාම සිද්දවෙන්නේ. අයිව්ස් කියන මනුස්සයා හිතපු විදිහට නම් මේ ගනුදෙනුව වෙන්නේ නැහැ. සැහෙන්න අවුල් යනවා. ඌරගේ මාළු ඌරගේ පිටේ තියලා කපනවා වගේ එයාගෙම මිසයිලකින් අයිවිස් ගමන් කරමින් හිටිය හෙළිකොප්ටරයට ඕමාර් පහර දීමක් සිදු කරනවා. පස්සේ මේ හෙලිකොප්ටරය කැරලිකාරයින් පිරුණු ප්‍රදේශයකට කඩා වැටිලා සෙක්ෂන් 20 කට්ටිය වහිනවා මිනිහව බේරගෙන ඕමාර් ඉන්න තැනක් හොයාගන්න පුලුවන්ද කියලා බලන්න. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

5 comments:

Popular Posts

Search This Blog

Powered by Blogger.

Blog Archive

Blogger news

About

Blogroll

Video Of the Day

Facebook

 
Copyright © 2025
Created By Sora Templates & Free Blogger Templates